2022 ජූලි 01, පෙ.ව. 4:38
සිය පිරවුම්හල් ජාලයට ත්‍රිකුණාමලයේ සිට සිදු කරන සැපයුම් වැඩි කිරීම සඳහා සියලු ආකාරයේ උත්සාහයන් සිදු කරන බව ලංකා අයි.ඕ.සී. සමාගම පවසනවා.
එහි කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා කියා සිටියේ ඒ සඳහා අමතර ටැංකි රථ යොදා ගැනීමට කටයුතු කරන බවයි.
මේ අතර, ශ්‍රී ලංකාවේ කුවේට් තානාපති කලාෆ් එම්. එම්. බුධයිර් ඊයේ පැවති උත්සවයකදී කියා සිටියේ මෙරට පවතින බලශක්ති අර්බුදය විසඳා ගැනීම සඳහා දීර්ඝ කාලීන සැලැස්මකට අනුව කටයුතු කරන්නේ නම් ඊට සහය ලබා දිය හැකි බවයි.
මේ අතර පවතින ඉන්ධන අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යාම සඳහා ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 7500ක ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය තීරණය කර තිබෙනවා.
එම ඩීසල් තොගය ලබා ගැනීම සඳහා මේ වන විට ගෙවීම් සිදු කර ඇති බවද වාර්තා වෙනවා.
2025 අගෝස්තු 04, ප.ව. 1:37
2025 අගෝස්තු 02, ප.ව. 5:04
2025 අගෝස්තු 01, ප.ව. 7:14
2025 අගෝස්තු 01, ප.ව. 1:48
2025 අගෝස්තු 01, ප.ව. 1:42