hit counter

2026 සැප්‍තැම්‍බර් මස 23 වන බදාදා

2024 සැප්‍තැම්‍බර් 23, ප.ව. 2:27



ඊයේ (22) මහජන ඡන්දයෙන් තේරී පත්වූ නව විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ධූරයෙහි අද පෙරවරුවේ දිවුරුම් දීමෙන් අනතුරුව ත්‍රිවිධ හමුදාපතිවරු සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හමු වී සාකච්ඡා කළේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති ජනාධිපතිවරයා දිවුරුම් දීමේ උත්සවයෙන් අනතුරුව ත්‍රිවිධ හමුදාපතිවරු සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා සමඟ ජනාධිපතිවරයා එම සාකච්ඡාව සඳහා සහභාගී විය.