hit counter

2026 ඔක්‍තෝබර් මස 16 වන සිකුරාදා

2024 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 11:01



ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි  ශ්‍රී ලංකා යුධ හමුදාව,ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු සාමාජිකයන් මෙලෙස කැඳවීමේ නියමය ඇතුළත් අති ව්ශේෂ ගැසට් නිවේදනය ඊයේ (26 ) නිකුත් කර ඇත.

මහජන ආරක්ෂක පනතේ 12 වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්ක හා ඒ ආශ්‍රිත දේශීය ජල තීරයන්හි මහජන සාමය පවත්වාගෙන යාමට මෙලෙස සන්නද්ධ හමුදාවන් කැඳවා තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: