hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 29, ප.ව. 12:46



ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකත්වයෙන් හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඉවත් කර ඇත.

ඒ බව කතානායක මහින්ද යාපා අබේවර්ධනට ලිඛිතව දැනුම් දී තිබේ.

ඉවත් කරන ලද නිමල් සිරිපාල ද සිල්වා වෙනුවට අමාත්‍ය විජිත හේරත් ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා සභාවේ නියෝජිතයා ලෙස පත්කර තිබේ.

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය ද ඊළඟ පාර්ලිමේන්තුව රැස්වන තෙක් කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථා සභාව ක්‍රියාත්මක විය යුතුය.

පවත්නා තත්ත්වය අනුව මේ වනවිට ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස තවදුරටත් කතානායක මහින්ද යාපා අබේවර්ධන කටයුතු කරයි.

එහි සෙසු සාමාජිකයන් වන්නේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අමාත්‍ය විජිත හේරත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු මන්ත්‍රී කබීර් හෂීම්, හිටපු මන්ත්‍රී සාගර කාරියවසම් හා සිවිල් සංවිධාන නියෝජිතයන් වන ආචාර්ය ප්‍රතාප් රාමනුජම්, වෛද්‍ය අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න යන පිරිසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: