hit counter

2026 පෙබරවාරි මස 12 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 29, ප.ව. 1:06



ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල, බද්දේගම, හබරාදූව සහ අක්මීමණ යන මැතිවරණ කොට්ඨාශවල විශේෂ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමු කිහිපයක් පවත්වනු ලැබීය.

ඒ ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී ය.

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් මෙම හමුව පවත්වා තිබේ.

එම රැස්වීම්වලදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එජාප නායකත්වයේ රැඳී සිටිය යුතු බවට වන යෝජනාවක් සම්මත කර ගත් අතර, ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය ක්‍රියා කරන ආකාරය පිළිබඳවද සාකච්ඡා කර ඇති බවයි පැවසෙන්නේ.

මෙම රැස්වීම් සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ එජාප ආසන සංවිධායකවරුන්, හිටපු පළාත් පාලන නියෝජිතයින් ඇතුළු එජාප ක්‍රියාකාරීන් පිරිසක් ඒක්ව සිටියහ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: