hit counter

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2022 ජූලි 01, ප.ව. 2:09


සෞඛ්‍යයට තෙල් දෙන්න නොදී ගාල්ලේ විරෝධයක්

ගාල්ල කොටුව ඉන්ධන පිරවුම්හලෙන් වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන ලබා දීමට යාමේදී දැඩි උණුසුම්කාරි තත්වයක් ඇති වී තිබෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

මෙහිදී සෞඛ්‍ය සේවකයින් හා ටෝකන්පත් ලබා ගෙන ඉන්ධන ලබා ගැනීමට පැමිණි සාමාන්‍ය ජනතාව අතර බහින්බස් වීමක් ඇති වී තිබෙනවා.

ඉන්ධන ලබා ගැනීම සදහා මෙම ඉන්ධන පිරවුම්හල තුල දින 05ක් තිස්සේ පෝලිමේ සිටි බව සාමාන්‍ය ජනතාව පවසනවා.

පසුව ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් මත පෝලිමේ සිටි 277 දෙනෙකුට ටෝකන්පත් ලබා දී මෙම ඉන්ධන පිරවුම්හල සදහා ඉන්ධන බවුසරයක් ලැබෙන පළමු අවස්ථාවේ දිම ඉන්ධන ලබා දිමට දිස්ත්‍රික් ලේකම්වරයා පොරොන්දු වු බව ඉන්ධන ලබා ගැනිමට පැමිණි සාමාන්‍ය ජනතාව පවසයි.

මෙම ගැටුමට පරිපාලනය වගකිව යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාල්ල කරාපිටිය ශාඛාව පවසයි.