hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2022 ජූලි 01, ප.ව. 5:01


දුම්රිය වර්ජනය ගැන තීරණයක් ගනී

පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ වුව ද ප්‍රමාදයන්ට යටත්ව සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදු කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසනවා.

මේ අතර, පවතින ඉන්ධන ගැටලුවත් සමග දුම්රිය සේවකයින්ට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන්වාර 22 ක් අවලංගු වී ඇතැයි සඳහන්.

ඒ අනුව රඹුක්කන මීරිගම සහ වේයන්ගොඩ දක්වා කොලඹ කොටුවෙන් ආරම්භ වී ප්‍රධාන මාර්ගයේ ධාවනය වන කාර්යාල දුම්රිය කිහිපයක් සහ හලාවත පානදුර වාද්දූව දක්වා ධාවනය වන කාර්යාල දුම්රිය කිහිපයක්ද අවලංගු වී තිබෙනවා.

මේ අතර ඉන්ධන අර්බුදයත් සමඟ දුම්රියෙන් ගමන් කිරිම සදහා මගීන් විශාල පිරිසක් අද (01) ගාල්ල දුම්රිය ස්ථානයට පැමිණ සිටි බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

මගීන්ට ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට සිදු වූයේ දිගු වේලාවක් පෝලිමේ සිට වන අතර දුම්රියට ගොඩවීම සදහා විශාල දුම්රිය මගීන් පිරිසක් පොරකමින් සිටි බවද වාර්තා වෙනවා.

Example Image