hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2024 ඔක්‍තෝබර් 10, පෙ.ව. 10:30



මහනුවර දිස්ත්‍රික්කය සඳහා සමගි ජනබලවේගයෙන් මහ මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයෙකු මේ දිනවල එම පක්ෂයේ සෙසු ආසන සංවිධායකවරු මුදලට ගැනීමේ වැඩපිළිවෙළක නිරතව සිටින බව වාර්තා වේ.

පසුගිය ජනපතිවරණයේදී සමගි ජනබලවේගය ජයග්‍රහණය කළ ආසනයක සංවිධායකවරයෙකුට හා පරාජය වූ ආසනයක සංවිධායකවරයෙකුට රුපියල් මිලියනක ලංසුවක් තබමින් අදාළ අපේක්ෂකයා  ඉල්ලා ඇත්තේ එම  ආසන වලින් තමන්ට මනාප ඡන්ද ලබා දීමට කටයුතු කරන ලෙසයි.

පක්ෂ කිහිපයකට මාරු වී අවසානයේ සමගි ජනබලවේගයේ නතර වූ මෙම ව්‍යාපාරික අපේක්ෂකයා මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමිවන්නේ ආසන තුනක් හෝ හතරක් බව ප්‍රකාශ කරමින් ඒ අතරට තමන්ට කෙසේ හෝ පැමිණීමට අවශ්‍යය බව හිතවතුන් සමඟ ප්‍රකාශ කර ඇත.

මොහුගේ ක්‍රියාකලාපය සම්බන්ධව මේ වනවිට සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් සෙසු අපේක්ෂකයින් අතර අප්‍රසදායක් ගොඩ නැගී තිබේ.

ආසන සංවිධායකවරු මුදලට ගෙන මනාප ඡන්ද ගොඩ වැඩිකර ගැනීමට කටයුතු කරන මෙම අපේක්ෂකයා සම්බන්ධයෙන් මේ වනවිට පක්ෂ නායකත්වය දැනුවත් කිරීමටද පිරිසක්  කටයුතු කර ඇත