2024 ඔක්තෝබර් 12, පෙ.ව. 12:09
රජයේ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම සඳහා පොලිසිය විසින් ක්ෂණික දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින්, පොලිසිය සඳහන් කළේ, 1997 අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක බවයි.
රජය විසින් විවිධ කාර්යයන් සඳහා නිකුත් කරන ලද වාහන යම් ස්ථානයක වංචා සහගත ලෙස හෝ නීතිවිරෝධීව සඟවා තිබෙන බවට තොරතුරු ඇත්නම් අදාළ අංකයට දැනුම්දිය හැකියි.
එමෙන්ම අදාළ වාහන යම්කිසි ආකාරයකට කොටස් කර සඟවා තබා තිබෙන බවට හෝ එසේම යම් යම් ස්ථානවල නවතා තබා අබලන්වීමට ඉඩහැර තිබෙන බවට හෝ යම් තොරතුරක් දන්නේ නම් වහාම දැනුම් දෙන ලෙසටයි, පොලිසිය ඉල්ලීමක් කළේ.
තොරතුරු ලබා දෙන්නන්ගේ අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම ආරක්ෂා වන බව එහි සඳහන්.
තොරතුරු සපයන්නන්ගේ අනන්‍යතාවය හෙළිකිරීම අත්‍යවශ්‍ය නොවන බවයි පොලීසිය සඳහන් කළේ.
කෙසේ වෙතත් සත්‍ය තොරතූ පමණක් ලබාදිය යුතුයි.
අසත්‍ය තොරතුරු ලබා දෙන අයට එරෙහිව නීත්‍යානුකූලව පියවර ගන්නා බව ද පොලිසිය අවධාරණය කළා.
2024 දෙසැම්බර් 21, ප.ව. 3:42
2024 දෙසැම්බර් 21, ප.ව. 2:05
2024 දෙසැම්බර් 21, ප.ව. 1:41
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:13
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:10
29-11-24
29-11-24
30-10-24
30-10-24
25-10-24
25-10-24
22-10-24
22-10-24
20-10-24
20-10-24
18-10-24
18-10-24
15-10-24
15-10-24
20-04-24
20-04-24
04-01-24
04-01-24
02-01-24
02-01-24