hit counter

2024 ඔක්‍තෝබර් මස 16 වන බදාදා

2024 ඔක්‍තෝබර් 12, ප.ව. 3:17



පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසන්නේ සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුවේ සිය නම ඇතුළත්ව තිබුණත් තමා මෙවර මහ මැතිවරණයට තරග නොකර සිටීමට තමා තීරණය කළ බවයි.

පක්ෂ නායකත්වය විසින් ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් තමා ඉවත් කිරීමට ගත් අත්තනෝමතික තීරණය හේතුවෙන් තමා මෙම තීරණය ගත් බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසීය.

තමා ගම්පහ ආසනයේ වසර 20කට වඩා පැරණි ආසන සංවිධායකවරයෙක් බවත් තමා නාමයෝජනා අත්සන් කර පැය 24ක් ගතවීමටත් මත්තෙන් තම සංවිධායක ධුරය එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආධාරකරුවෙකුට හොර රහසේම ලබාදී ඇති බව ඔහු පවසයි.

තම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් තමා දැඩි කළකිරීමට පත්වූ බවත් තම පාක්ෂිකයින්ට මෙවර තමා වෙනුවෙන් පක්ෂයට ඡන්දය ලබාදීමෙන් වැළකී සිටිනා ලෙස ඉල්ලා සිටිනා බවත් ඔහු සඳහන් කළේය.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: