hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2024 ඔක්‍තෝබර් 18, ප.ව. 12:36



2024 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ට වියදම් කල හැකි සීමාව දිස්ත්‍රික්ක මට්ටමින් සඳහන් කර අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

එම ගැසට් පත්‍රයට අනුව වැඩියෙන්ම වියදම් කල හැකි දිස්ත්‍රික්කය වන්නේ කොළඹ වන අතර එය රුපියල් 114 ක් බවයි සඳහන්ව ඇත්තේ.

අපේක්ෂකයෙකුට අඩුවෙන්ම වියදම් කළ හැකි වන්නි දිස්ත්‍රික්කය වන අතර එය රුපියල් 82 ක් වනවා.

එමෙන්ම මැතිවරණ ප්‍රචාරක වියදම් ඇතුළත් වියදම් වාර්තාව මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර දින විසි එකක් (21) ඇතුළත අදාල වන පරිදි පක්ෂ ලේකම්ගේ, ස්වාධීන කණ්ඩායම් නායකයාගේ සහ අපේක්ෂකයාගේ අත්සන, දිවුරුම් කොමසාරිස්වරයා හෝ සාමදාන විනිශ්චයකාරවරයා විසින් සහතික කොට මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දෙනු ලැබිය යුතු බව ද එහි සඳහන් වේ.