2024 නොවැම්‍බර් 09, පෙ.ව. 12:08
පහ වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ මෙරට ඇතිකර තිබෙන හොඳ පාසල්, හොඳ නැති පාසල්, ජනප්‍රිය පාසල් හා ජනප්‍රිය නොවන පාසල් අතර බෙදීම් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සදහන් කළාය.
පෙර පාසල් අධ්‍යාපනය තම ආණ්ඩුවක් යටතේ සෘජුවම අධ්‍යාපන අමාත්‍යංශයට එක් කිරීමට යෝජනා කර ඇති බවත් වයස අවුරුදු තුන පහ අතර කාලය යනු දරුවන්ට අකුරු උගැන්වීමට, ගණන් ඉගැන්වීමට හෝ ලියන්න කියන්න උගන්වන කාලයක් නොවන බවද සදහන් කළාය.
තම පාලනය යටතේ බලාපොරොත්තු වන අධ්‍යයන අධ්‍යාපන ක්‍රමය තුළ අට ශ්‍රේණිය වෙනතුරු තරගකාරී විභාග පැවැත්වීමට බලාපොරොත්තුවක් නැති බවද අග්‍රාමාත්‍යවරිය සදහන් කළාය.
පෙර පාසල් ගුරු හමුවක් මහනුවර ප්‍රදේශයේදී අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සදහන් කළාය.
2024 දෙසැම්බර් 26, ප.ව. 7:12
2024 දෙසැම්බර් 26, ප.ව. 12:42
2024 දෙසැම්බර් 26, පෙ.ව. 9:19
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:09
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:07