2024 නොවැම්බර් 26, පෙ.ව. 12:03
තමාට පෞද්ගලිකව ආරක්ෂාවක් අවශ්‍ය බව යාපනය දිස්ත්‍රික් නව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන් රාමනාදන් පවසා තිබෙනවා.
මෙරට 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අතරතුර ඔහුගේ ක්‍රියාකලාපය හේතුවෙන් ඇති වූ තත්ත්වය මත විවිධ තර්ජන එල්ලවන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
ඒ, හේතුවෙන් තමන්ට පෞද්ගලික ආරක්ෂාවක් අවශ්‍ය බව ඔහු පවසා තිබෙනවා.
10 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන් රාමනාදන්, විපක්ෂ නායකවරයාට වෙන් කර තිබු සාම්ප්‍රදායික අසුනේ අසුන්ගෙන තිබු අතර ඔහුව ඒ සම්බන්ධයෙන් දැනුවත් කළද මන්ත්‍රීවරයා ඉන් ඉවත්වීම ප්‍රතික්ෂේප කර තිබුණා.
එමෙන්ම මෙම මන්ත්‍රීවරයා වාර්ගික ප්‍රකාශ කළ බවටද විවිධ චෝදනා එල්ල වී තිබෙනවා.
ඊයේ (25) නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් පැවැති වැඩමුළුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන් රාමනාදන් පවසා ඇත්තේ මෙම සිදුවීම් හේතුවෙන් තමන්ට දැඩි තර්ජන එල්ල වී ඇති බවයි.
ආසන සිද්ධිය හේතුවෙන් තමන්ට පාරේ යා නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විවිධ මාධ්‍යවලින් විනාඩි 40-50 සාකච්ඡා ගත් බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
ඒ හේතුවෙන් තමාට ආරක්ෂාව අවශ්‍ය බවත්, එය ලැබෙන්නේ කවදාද යන්නත් මන්ත්‍රීවරයා එහිදී ප්‍රශ්න කළා.
ඊට පිළිතුරු ලබාදෙමින් පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා කියා සිටියේ පෞද්ගලික ආරක්ෂාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් ලිඛිත ඉල්ලීමක් කළ යුතු බවයි.
2024 දෙසැම්බර් 27, ප.ව. 3:39
2024 දෙසැම්බර් 27, ප.ව. 3:37
2024 දෙසැම්බර් 27, ප.ව. 2:28
2024 දෙසැම්බර් 27, ප.ව. 12:48
2024 දෙසැම්බර් 27, ප.ව. 12:42