hit counter

2026 සැප්‍තැම්‍බර් මස 06 වන ඉරිදා

2024 දෙසැම්‍බර් 13, ප.ව. 5:22


අශෝක රංවල කථානායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි

කථානායක අශෝක රංවල මහතා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඒ, ඔහුගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් විවාදයක් මතුවී තිබෙන මොහොතක සහ ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂයවන සමගි ජන බලවේගය විසින් අත්සන් ලබා ගනිමින් සිටින මොහොතකයි.

ඉකුත් නොවැම්බර් 21 වැනිදා මෙරට දසවැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස අසෝක රන්වල පත්වූයේ සභාවේ ඒකමතික කැමැත්ත මතයි.

ඔහුව එම තනතුරට යෝජනා කළේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් වන අතර, ඔහුගේ නම ස්ථීර කරනු ලැබුවේ අමාත්‍ය විජිත හේරත් විසින්.