hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2024 දෙසැම්‍බර් 25, පෙ.ව. 12:04



යළි හිස ඔසවමින් තිබෙන පාතාලය මර්දනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඊයේ (24) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු පැවසුවේ ආරක්ෂ අංශ මේ සඳහා ක්‍රමානුකූලව මැදිහත් වෙමින් පවතින බවය.

“පාතාලයත්, කුඩු ජාවාරමත් මර්දනය කිරීමට රජයක් හැටියට අනිවාර්ය වශයෙන් කැපවෙනවා. හැබැයි ඒක ශෝ එකක් දාලා සති මෙහෙයුම් සති දෙකේ මෙහෙයුම්වලින් කරන්න නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. ක්‍රමානුකූලව ආරක්ෂක අංශ මේකට මැදිහත් වෙනවා. ඒකට අදාළ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා කියලා පමණක් කියන්න පුළුවන්. ඒකේ ප්‍රතිඵලය බලාගන්න පුළුවන්කම ලැබේවි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: