hit counter

2026 ජනවාරි මස 09 වන සිකුරාදා

2024 දෙසැම්‍බර් 29, පෙ.ව. 12:03



අධිකරණ ඇමැති හර්ෂන නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය යන පදවිය පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සදහන් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු නිලධාරීන් දෙදෙනෙකුගෙන් රහස් පොලීසිය විසින් ඊයේ දිනයේ පැය තුනක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

පාර්ලිමේන්තු නිලධාරීන් රහස් පොලිසිය හමුවට මෑත කාලයේදී කැඳවූ පළමු අවස්ථාවද මෙය වෙයි.

මෙම සිදුවීමට අදාළව පරීක්ෂණ කරන රහස් පොලිසිය සභා නායක කාර්යාලයෙන් සභා ලේඛන කාර්යාලට භාරදී තිබූ ලිපිය සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇත.

‘ආචාර්ය’ නාමය ඇමතිවරයාගේ නම ඉදිරියෙන් යොදමින් යැවූ ලිපිය ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යයන් ලැබුණු එකක් බව සභානායක කාර්යාලයෙන් නිලධාරීන් ප්‍රකාශ කර ඇති බවද සඳහන් වෙයි.

මේ අනුව එම කාර්යාල දෙකේම නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: