hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2024 දෙසැම්‍බර් 31, ප.ව. 4:22



“පුතාලා පැරදිලා නම් ගෙදර හිටපං කියලා එන්නෙක් වැලමිටෙන් මට ඇන්නා. ඔහු එසේ ඇනලා ඉදිරියට යන විට ඔහු වෙතට යන්න මම උත්සාහ කළත් පිරිස වැළැක්වූවා. මම දැන් ඇමැති කෙනෙක්, මන්ත්‍රී කෙනෙක් නෙවෙයි, සාමාන්‍ය කෙනෙක්. එහෙම කෙනෙකුට නිදහසේ ජීවත්වීමට ඇති අයිතියට බාධා කරන්න දෙන්න පුළුවන්ද?

ඔහු මට කුණුහරුපෙන් බැන්නා මම ඔහුටත් ඒ වචනම කිව්වා. මම පුංචි කාලේ ඉඳන් මට අයුක්තියක් කළොත් පස්සට ගිය කෙනෙක් නෙමේ” යැයි ඊයේ ජනමාධ්‍යය සහ සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තාවූ සිද්ධිය ගැන ‘දිවයින’ කළ විමසීමකදී හරින් ප්‍රනාන්දු පවසා ඇත.

කොළඹ ක්‍රීඩා සමාජ අවන්හලකදී හටගත් බව කියන මෙම ගැටුමට අදාළව සංසරණය වන වීඩියෝවේ “චණ්ඩි ඉන්නවනම් වරෙල්ලා,” යනුවෙන් නැගෙන ඝෝෂා ශබ්ද මෙන්ම හරින් ප්‍රනාන්දුව අදාළ ස්ථානයෙන් ඉවතට රැගෙන යෑමට වෙරදරන අයුරු ද දක්නට තිබේ.