hit counter

2026 ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා

2025 ජනවාරි 04, පෙ.ව. 12:04



බංකොලොත් භාවයට පත්වූ රටක් මාස කිහිපයකින් මේ වගේ තැනකට ගෙන ඒමට හැකිවීම ගැන සන්තෝෂ විය යුතු බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

ණය වර ලිපියක් විවෘත කර ගැනීමට නොහැකි, වරායට පැමිණි ඉන්ධන නෞකාවකට මුදල් ගෙවීමට නොහැකිව තිබූ රට අද රටක් ලෙස හුස්ම ගනිමින් සිටින බවද හෙතෙම කියා සිටියේය.

ජාතික රූපවාහිනියේ පැවැති වැඩසටහනක එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග තම ආණ්ඩුවේ සාකච්ඡා දින දහයකින් අවසන් කළ බවත් දෙසැම්බර් 31 පෙර අවසන් කරගැනීමට අදහසකින් එසේ කළ බවත් හෙතෙම කියා සිටියි.

තම කණ්ඩායමේ තිබූ මැදිහත්වීම කැපකිරීම ගැන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කණ්ඩායම පවා පුදුමයට පත් වූ බව අමාත්‍යවරයා පැවසුවේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: