2025 ජනවාරි 26, ප.ව. 12:00
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය හා දුරගමන් සේවා වෙනුවෙන් නව දුම්රිය කිහිපයක් ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඇල්ල – ඔඩිසි – කැන්ඩි සහ ඇල්ල ඔඩිසි – නානුඔය ලෙස නව දුම්රිය දෙකක් පෙබරවාරි මාසයේ සිට ධාවනයට එක්කිරීමට නියමිත අතර, ඇල්ල ඕඩිසි – කලම්බු දුම්රියේ අමතර ගමන්වාරයක් ද යෙදවීමට නියමිතය.
ඇල්ල – ඕඩිසි – කැන්ඩි දුම්රිය පෙබරවාරි මස 01 වන දින සිට සෑම සති අන්තයකම මහනුවර සහ දෙමෝදර අතර ධාවනයට යෙදවන බව දුම්රිය සාමාන්‍යාධීකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළා.
ඇල්ල ඕඩිසි – නානුඔය දුම්රිය පෙබරවාරි මස 10 වනදින සිට නානුඔය සහ බදුල්ල අතර ධාවනයට එක්කිරීමට නියමිතයි.
කොළඹ සහ බදුල්ල අතර ධාවනය වන ඇල්ල ඕඩිසි – කලම්බු දුම්රියේ අමතර ගමන් වාරයක් පෙබරවාරි මස 10 වනදා සිට සෑම සඳුදා දිනයකම කොළඹින් පිටත්වීමට සහ පෙබරවාරි 11 වනදා සිට සෑම අඟහරුවාදා දිනකම බදුල්ලෙන් පිටත්වීමට නියමිත බවට වාර්තා වනව.
මීට අමතරව ජනවාරි මස 31 වනදා සිට කොළඹ සහ කන්කසන්තුරෛයි අතර රාත්‍රී තැපැල් දුම්රිය දිනපතා ධාවනයට එක්කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී වරයා පැවසුවා.
2025 ජනවාරි 28, පෙ.ව. 12:11
2025 ජනවාරි 28, පෙ.ව. 12:09
2025 ජනවාරි 28, පෙ.ව. 12:08
2025 ජනවාරි 28, පෙ.ව. 12:08
2025 ජනවාරි 28, පෙ.ව. 12:07
23-01-25
23-01-25
19-01-25
19-01-25
19-01-25
19-01-25
19-01-25
19-01-25
18-01-25
18-01-25
10-01-25
10-01-25
10-01-25
10-01-25
06-01-25
06-01-25
04-01-25
04-01-25
02-01-25
02-01-25
01-01-25
01-01-25
31-12-24
31-12-24