2022 ජූලි 06, පෙ.ව. 10:56
වැල්ලවාය ප්‍රදේශයේ අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හලක කලහකාරි ලෙස හැසිරුණු පුද්ගලයින් 13 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිද්ධියෙන් පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ රාත්‍රියේ එම පිරවුම්හලට ඉන්ධන ලැබී ඇති අතර එය බෙදා අවසන් වීමත් සමඟ පෝලිම් වල රැදී සිටි පුද්ගලයින් පිරිසක් තමන්ටද ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලමින් කලහකාරි ලෙස හැසිරී තිබෙනවා.
එම අවස්ථාවේදී ඔවුන් ඉන්ධන පිරවුම්හල ගල් වලින් ප්‍රහාර එල්ල කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.
තත්ත්වය පාලනය කිරීම සදහා මැදිහත් වූ පොලිස් නිලධාරියෙකු ද එහිදී තුවාල ලැබුවා.
2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 10:52
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09