hit counter

2026 ඔක්‍තෝබර් මස 06 වන අඟහරුවාදා

2025 පෙබරවාරි 13, ප.ව. 12:01



ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ අපරාධ විමර්ශනයේදී සැකකාර පොලිස් අධිකාරි රොනී ගුණසිංහ අත්අඩංගුවට ගැනීමට එරෙහිව නීතිපති වෙනුවෙන් කරුණු දක්වා ඇත්තේ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ වර්තමානන සභාපති අනුර මැද්දේගොඩ මහතා බවට කරුණු වාර්තාවේ.

රජයේ අධිනීතීඥයෙකු ව සිටීමෙන් නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය කරුණු දක්වා ඇත්තේ අනුර මැද්දේගොඩ මහතාය.

1990 පෙබරවාරි 18 වැනිදා වැලිකඩ රාජගිරියේ පිහිටි වෛද්‍ය මනෝරාණි සරවනමුත්තුගේ නිවසේදී ඔහුගේ පුත් රිචඩ් ද සොයිසා පැහැරගෙන යනු ලැබූ අතර වෙඩි තබා ඝාතනය කර තිබූ රිචඩ් ගේ සිරුර පසුදා හමුවූයේ මොරටුව මුහුදේ පාවෙමින් තිබියදීය.

තම පුත්‍රයා පැහැරගෙන යාමට පැමිණියේ පොලිස් අධිකාරී රෝණී ගුණසිංහ බව මනෝරාණි සරවනමුත්තු මහත්මිය හඳුනාගෙන ඒ බව අධිකරණයට දැන්වූවාය.

ඊට අමතරව කොටුව පොලිසියේ ස්ථානාධිපති රංචාගොඩ, කොම්පඤ්ඤ වීදිය පොලිසියේ පොලිස් පරීක්ෂක දේවසුරේන්ද්‍ර හා පොලිස් නිලධාරී සරච්චන්ද්‍ර යන අයද රිචඩ් ගේ ඝාතනයට සම්බන්ධ බවට කරුණු වාර්තා විය.

ලසන්ත වික්‍රමතුංග ඝාතන විමර්ශනයේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා දුන් නිර්දේශයට එරෙහිව නැගුණු විරෝධය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නීතිපතිට බලපෑම් නොකරන්නැයි ඉල්ලමින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළේය.