hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූලි 07, පෙ.ව. 10:33


ඉන්ධන පෝලිමක සිටි තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

පයාගල පිරවුම්හලක ඉන්ධන පෝලිමක රැඳී සිටි අයෙකු හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා 60 හැවිරිදි අයෙක් බවයි වාර්තා වන්නේ.

මෙහිදී මියගොස් ඇත්තේ පෞද්ගලික ආයතනයක ජංගම අයිස් ක්‍රීම් අලෙවි රථයක රියදුරකු බව සඳහන් වෙනවා.

ඔහු මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි හිලරි ප්‍රනාන්දු නැමැති පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.