2025 පෙබරවාරි 24, පෙ.ව. 9:13
ලෝකයේ මහාද්වීප හතේ උසම කදු මුදුන් තරණය කිරීම අභියෝගයක් බවට පත් කර ගත් ශ්‍රී ලාංකික කදු නැගීමේ ශූර යොහාන් පීරිස් , ලෝකයේ තවත් උසම කදු මුදුන් දෙකක් තරණය කිරීමෙන් අනතුරුව අද (24) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
යොහාන් පීරිස් මෙවර ඇන්ටාටිකාවේ වින්සන්ට් කදු මුදුන සහ දකුණු ඇමෙරිකාවේ , ආජෙන්ටිනාවේ ඇකන්කගුවා කදු මුදුන තරණය කිරීමෙන් අනතුරුව මෙසේ යළිත් මෙරටට පැමිණ තිබුණි.
ඒ අනුව මේ වනවිට ආසියා මහාද්වීපයේ එවරස්ට් , අප්‍රිකා මහාද්වීපයේ කිලිමැන්ජාරෝ , ඕස්ට්‍රේලියා මහාද්වීපයේ කොසිඩස්කෝ , යුරෝපා මහාද්වීපයේ එල්බ්‍රෙස් , ඇන්ටාටිකා මහාද්වීපයේ වින්සන්ට් සහ දකුණු ඇමෙරිකාවේ ඇකන්කගුවා යන කදු සාර්ථකව තරණය කිරීමට යොහාන් පීරිස් සමත් වී තිබේ.
ඔහුට තවත් ඉතිරි වී පවතින්නේ ඇලෙස්කා මහාද්වීපයේ ඩිනාලී කදු මුදුන තරණය කිරීමට බවත් , තමන් ඒ සදහා එළඹෙන මැයි මාසයේ මෙරටින් පිටත්ව යන බවත් , කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි යොහාන් පීරිස් සදහන් කළේය.
ලෝකයේ මේ වනවිට මේ ආකාරයට ලොව උසම කදු මුදුන් 07 ම තරණය කළ පුද්ගලයන් 400 ක් සිටින බව ද යොහාන් පීරිස් සදහන් කළේය.
යොහාන් පීරිස් 02/24 දින අලුයම 02.20 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔහු පිළිගැනීමට ඔහුගේ හිතවතුන් විශාල පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
2025 පෙබරවාරි 24, ප.ව. 4:03
2025 පෙබරවාරි 24, ප.ව. 3:10
2025 පෙබරවාරි 24, ප.ව. 3:00
2025 පෙබරවාරි 24, ප.ව. 2:40
2025 පෙබරවාරි 24, ප.ව. 2:06