hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2025 මාර්තු 10, පෙ.ව. 10:21



වගාවන්ට හානි කරන සත්ත්වයින් සංගණනය ලබන 15 වනදා දිවයින පුරා සිදු කෙරෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි තාක්ෂණික අධ්‍යක්ෂ හේමන්ත අමරසිංහ මහතා සඳහන් කළේ, මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා සාධනීයව හිතමින් සහය දක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

මාර්තු 15 දින උදෑසන 8 සිට 8.05 දක්වා මෙය පැවැත්වෙන බවත් ඒ සඳහා පත්‍රිකා ලක්ෂ 70ක් මේ වන විට මුද්‍රණය කර ඇති අතර, දිස්ත්‍රික්ක සියල්ල ආවරණය වන පරිදි ඒවා බෙදා හරින බවත් ඔහු පවසා සිටියා.

එමෙන්ම, වනජීවී සං‍රක්ෂණ දෙපාර්තුමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් මේ සම්බන්ධයෙන් සඳහන් කළේ මෙම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විද්‍යාත්මක පර්යේෂණ පැවතුණත් ඇතැම් තොරතුරු නොමැති වීම නිසා එම හිඩැස් පුරවා ගැනීමට මෙවැනි සමීක්ෂණ වැදගත් බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: