2025 මාර්තු 10, පෙ.ව. 11:45
මෙතෙක් හෙළි නොවූ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු පිළිබඳ සියලු තොරතුරු හෙළි කිරීමට තමා සූදානම් බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.
මහනුවරට පැමිණ මල්වතු-අස්ගිරි මහ නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව උන්වහන්සේ මාධ්‍ය හමුවේ ඉහත අදහස් පළ කළහ.
මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පළ කළ ඥානසාර හිමියෝ මෙසේ ද කීහ.
“තිබුණු ආණ්ඩු වගේ ම පත්වුණු ආණ්ඩු මේ නීච ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි නීතිමය ක්‍රියාමාර්ග ගනියි කියලා අපි බලාගෙන හිටියා. නමුත් ඒක සිදුනොවන බව පේනවා. ඒ නිසා අපි දන්න සියලු ම දේ වගකීමෙන් යුක්තව අනාවරණය කරන්න දැන් සූදානම්. මා අද මේ පිළිබඳව මල්වතු අස්ගිරි මහ නාහිමිවරු දැනුවත් කළා. තවදුරට ත් මේවා හෙළි නොකිරීමේ තේරුමක් නෑ. පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු කවුද කියන එක සුලමුල ඔක්කොම මම දන්නවා. මේවා මාධ්‍ය ඉදිරියේ හෙළි කරන්න බෑ. මහ මොළකරු කවුද කියන එක, ඔහු හිටියේ කොහෙද කියන එක, ඇසුරු කළේ කවුද කියන එක, මරාගෙන මැරෙන ප්‍රහාරයට සහරාන් පුරුදු කළ එක ඇතුළු තවත් බොහෝ තොරතුරු මම දන්නවා. හැබැයි මම මේ පිළිබඳව ප්‍රථමයෙන් ජනාධිපතිට වගේ ම ආරක්ෂක හා නීතිය කරවන ප්‍රධානීන්ව දැනුවත් කරනවා. ඊට පස්සේ තමයි මාධ්‍යයට හෙළි කරන්නේ.
ඉතාමත් වගකීමෙන් තමයි මම මේ බරපතළ ප්‍රකාශය කරන්නේ. එතකොටවත් මේ පරීක්ෂණ මුල ඉඳලා ආපහු පටන් ගනීවි. ඇත්ත වසන් කරන්න ලේසියි. නමුත් මොන දේ කළත් සත්‍ය කවදා හෝ ජය ගන්නවා. මම පෙනී සිටින්නේ ඇත්ත වෙනුවෙන්. ඒක හෙළි කරලා ඕනෑ ම දඬුවමක් විඳින්න මම සූදානම්. අපිට මේක තවදුරට ත් හංගාගෙන ඉන්න බෑ. අර ආණ්ඩුව කරයි. මේ ආණ්ඩුව කරයි කියලා බලාගෙන හිටිය ඇති. මේ අයත් මේක කරන්නෙ නෑ කියලා වගේ පේන්නේ.”
2025 මාර්තු 10, ප.ව. 4:41
2025 මාර්තු 10, ප.ව. 4:38
2025 මාර්තු 10, ප.ව. 4:15
2025 මාර්තු 10, ප.ව. 12:41
2025 මාර්තු 10, පෙ.ව. 11:22
27-02-25
27-02-25
11-01-25
11-01-25
20-10-24
20-10-24
13-07-24
13-07-24
11-10-22
11-10-22