2025 මාර්තු 15, පෙ.ව. 12:23
දිවයින පුරා වන සත්ත්ව සංගණනය අද (15) පෙරවරු 8.00 සිට 8.05 දක්වා කාලය තුළ සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ඊට අදාළ පත්‍රිකා බෙදා හැර ඇති අතර සත්ත්ව සංගණනය වඩාත් නිවැරදිව සහ කාර්යක්ෂමව සිදු කිරීමේ අරමුණෙන් මෙහෙයුම් මැදිරියක් කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රය තුළ මේ වනවිට ස්ථාපිත කර කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
සත්ත්ව සංගණනයේදී යම් ගැටළුවක් පැන නැගුණහොත් ඒ පිළිබඳව විමසීමක් සිදු කිරීමට මෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මක වන අතර යම් ගැටළුවක් වෙතොත් මෙහෙයුම් මැදිරියේ දුරකථන අංක 011- 2034336 අමතා විමසීමක් කළ හැකියි.
වගාවට හානි සිදු කරන වනසතුන් ප්‍රමාණය සළකුණු කිරීම සඳහා ලබා දෙන පත්‍රිකාව තමන් වෙත ලැබී නොමැති නම්, ඒ පිළිබඳව කලබල නොවී අදාළ කාලය තුළ පැමිණෙන සතුන් පිළිබඳව යම් සටහනක් තබා ගන්නා ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සඳහන් කරනවා.
එමෙන්ම ප්‍රජා සහභාගීත්වයෙන් සිදු කරනු ලබන මෙම සංගණනයට අදාළ කාලය තුළ සහයෝගය පළ කරන ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
එම විශේෂ කමිටුවේ උපදෙස් පරිදි වගාවට වැඩි වශයෙන් හානි කරන වඳුරා, රිලවා, මොනරා සහ දඬුලේනා යන සත්ත්වයන් කොපමණ ප්‍රමාණයක් සිටීදැයි ගණනය කිරීම සඳහා වන සත්ව සංගණනයක් සිදු කිරීමට යෝජනා කෙරුණා.
2025 මාර්තු 15, පෙ.ව. 11:21
2025 මාර්තු 15, පෙ.ව. 11:12
2025 මාර්තු 15, පෙ.ව. 12:35
2025 මාර්තු 15, පෙ.ව. 12:29
2025 මාර්තු 15, පෙ.ව. 12:28