2022 ජූලි 08, ප.ව. 4:09
සර්ව පාක්ෂික සම්මුති ආණ්ඩුවක් නිශ්චිත කාලයකට සෑදිය යුතු බවට බල කෙරෙන සෙංකඩගල ප්‍රකාශයට මහා සංඝරත්නය මහනුවරදී මීට ටික වේලාවකට පෙර අත්සන් තැබුවා.
ඒ රට ශිෂ්ට සම්පන්න පාලනයක් සදහා පරිවර්තනය කිරීමේ අරමුණ පෙරදැරිව මහ නා හිමිවරු , කාදිනල් හිමිපාණන් ඇතුලු සර්වාගමික නායකයින්ගේ ආශිර්වාදය සහ අනුමැතිව ඇතිව ලබා ගැනීම මේ වන විට සිදු කෙරෙනවා.
රට පත්ව තිබෙන තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා කෙටි කාලීනව ගත යුතු ක්‍රියා මාර්ග ඇතුළත් සෙංකඩගල ප්රකාශනය ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා පසුගියදා ජනපතිවරයාට යොමු කළ යෝජනා මාලාවේ අන්තර්ගතයට සමාන ලෙස පෙළ ගස්වා තිබෙන බව මෙහිදී පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූවා.
ගෝඨාභය රාජපක්ෂ මහතා විධායක ජනපති ධූරයෙන් කොන්දේසි විරහිතව ඉල්ලා අස්වීම, සියලුම පක්ෂ එකතු වී අන්තර්වාර පාලනයක් ස්ථාපිත කිරීම, සර්ව පාක්ෂික සම්මුති ආණ්ඩුවක් මගින් පාර්ලිමේන්තු මැතිවරණය සහ ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳ නිශ්චිත කාල රාමුවක් ඉදිරිපත් කිරීම ඇතුළු කරුණු හයකින් මෙම සෙංකඩගල ප්රකාශනය සමන්විත වෙනවා.
අදාළ ප්රකාශනය සඳහා මහා සංඝරත්නය, සෙසු ආගමික නායකයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් අත්සන් තැබීම මහනුවර දී සිදු කෙරුණා.
අනතුරුව අදාළ ලියවිල්ල මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම වෙත පිළි ගන්වනු ලැබූවා.
මහනුවර – කමල් සුරවීර
2024 දෙසැම්බර් 31, ප.ව. 9:38
2024 දෙසැම්බර් 17, පෙ.ව. 9:53
2024 දෙසැම්බර් 13, ප.ව. 5:22
2024 දෙසැම්බර් 12, ප.ව. 3:11
2024 දෙසැම්බර් 05, ප.ව. 1:28