hit counter

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2025 අප්‍රේල් 11, පෙ.ව. 12:07



ළදරුවකු උපත ලබා පළමු වසර තුළදී තමන්ව නිතර හඳුන්වන නමට ප්‍රතිචාර නොදක්වන්නේ නම්, එය ‘ඔටිසම්’ රෝගයේ ලක්ෂණයක් විය හැකි බව උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රජා ළමා රෝග විශේෂඥ වෛද්‍ය දිලිනි විපුලගුණ ප්‍රකාශ කළාය.

එමෙන්ම, දරුවකුට වයස අවුරුදු එකහමාරක් පමණ වන විට යම් යම් දේ සමඟ මවාපාමින් සෙල්ලම් නොකරන්නේ නම්, එය ද ‘ඔටිසම්’ රෝගයේ ලක්ෂණයක් විය හැකි බව ඇය සඳහන් කළාය.

තවද, ඩිජිටල් තිර භාවිතය හේතුවෙන් දරුවන්ට ‘ඔටිසම්’ තත්ත්වයට මුහුණ දීමට සිදුවිය හැකි බවත් ඇය අවධාරණය කළාය.

වර්තමානයේ ඩිජිටල් තිර භාවිතය නිසා දරුවන්ට ඇස් ආබාධ මෙන්ම මනෝ සමාජීය ගැටලු ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බවත්, ඒ නිසා ඩිජිටල් තිර භාවිතය පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් විශේෂඥ වෛද්‍යවරිය දෙමාපියන්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටියාය.

කෙසේ නමුත්, ළදරුවන් අසාමාන්‍ය හැසිරීම් පෙන්වන්නේ නම්, කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් උපදෙස් දුන්නාය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: