hit counter

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා

2025 අප්‍රේල් 11, ප.ව. 8:02



තායිලන්තයේ පැවති 31 වැනි  තරුණ විද්‍යාඥයින්ගේ ජාත්‍යන්තරය සම්මේලනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ  සිව් දෙනෙකු ලෝකඩ පදක්කම් දිනා ගෙන 04/11 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

මෙම සම්මේලනය තායිලන්තයේ , හයෝමි නුවර ලෝකයේ රටවල් 44 ක තරුණ විද්‍යාඥයන් 1,400 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඉකුත් 04/05 දින සිට 04/11 දින දක්වා පවත්වා තිබුණි .

එහිදී මීගමුව හරිශ්චන්ද්‍ර ජාතික පාසැලේ කවීෂ නෙත්සර සිසුවා ඉදිරිපත් කළ විවිධ මත්ස්‍යයන්ට ජීවත් වීමට සුදුසුම පරිසරය , විද්‍යාත්මක ක්‍රමවේදයකින් සොයා දෙන පර්යේෂණයට ලෝකඩ පදක්කමක් හිමි වී තිබුණි .

එසේම කුරුණෑගල මලියදේව විද්‍යාලයයේ මහසෙන් දොඩංගොඩ සහ රෙහාන් ජයකොඩි සිසුන් එක්ව ඉදිරිපත් කළ , කපා ඉවත් කරන කෙසෙල් අල වලින් මිනිස් සිරුරට පෝෂ්‍යදායී කිරිපිටි වර්ගයක් නිෂ්පාදනය කරන පර්යේෂණයට ද ලෝකඩ පදක්කමක් හිමි වී තිබුණි .

එමෙන්ම කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයයේ තෙව්මලී පියදාස සිසුවිය ඉදිරිපත් කළ , දැනට අප පරිසරයට මිශ්‍ර වී ඇති පොලිතීන් පරිසරයෙන් ඉවත් කිරීමේ ක්‍රමවේදය ඇතුලත් පර්යේෂණ නිබන්ධය සදහා ද ලෝකඩ පදක්කමක් හිමි වී තිබුණි .

මෙම පදක්කම් දිනා ගත් තරුණ විද්‍යාඥයන් පිරිස 04/11 දින උදෑසන 09.45 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා එම විද්‍යාඥයින්ගේ දෙමාපියන් පිරිස ක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .