hit counter

2025 අප්‍රේල් මස 16 වන බදාදා

2025 අප්‍රේල් 14, පෙ.ව. 12:09



පිරිවැය පහළයාමක් නොමැතිව තවදුරටත් විදුලි ගාස්තු අඩුකිරීම මගින් ලංකා විදුලිබල මණ්ඩලයේ මූල්‍ය ක්‍රියාකාරිත්වය විශාල ලෙස අඩපණ වියහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබූ වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ සඳහන් වෙයි.

මෙම වර්ෂයේ ජනවාරි මාසයේ දී විදුලි ගාස්තු සියයට 20කින් පහළ දමමින් ගාස්තු සංශෝධනයක් සිදුකරනු ලැබූ අතර එවැනි සංශෝධනයක් කෙතරම් දුරට පිරිවැය පිළිබිඹු කරනුයේ ද යන්න පිළිබඳව අවිනිශ්චිතතා ඇතිවී තිබෙන බව ද මෙකී වාර්තාවේ සඳහන් ය.

ඉකුත් වර්ෂයේ දී (2024) දෙවරක් විදුලි ගාස්තු සංශෝධනය කෙරිණි.

මාර්තු මාසයේ දී සියයට 21.9කින් හා ජුලි මාසයේ දී සියයට 22.5කින් විදුලි ගාස්තු අඩු කරනු ලැබීය.

මේ අයුරින් විදුලි ගාස්තු අඩු කිරීම හේතුවෙන් වසර අවසාන භාගයේ දී මාසිකව උපයන ලද ලාභය සැලකිය යුතු අයුරින් පහතවැටී ඇති බව ද මෙම වාර්තාවේ සඳහන් වෙයි.

කෙසේ වුවද විදුලිබල මණ්ඩලය ඉකුත් වර්ෂයේ දී රුපියල් බිලියන 148.6ක ලාභයක් ලබා ගෙන ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: