hit counter

2025 අප්‍රේල් මස 16 වන බදාදා

2025 අප්‍රේල් 15, පෙ.ව. 12:11



අද දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කල යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ උතුරු, උතුරු මැද , වයඹ , බස්නාහිර , දකුණ, නැගෙනහිර පළාත් සහ රත්නපුර ,මොණරාගල දිස්ත්‍රික්කවල උණුසුම් දර්ශකය එලෙස අවධානය යොමු කල යුතු මට්ටමක පවතින බවයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, වැඩි වේලාවක් උණුසුමට නිරාවරණය වීම තුළින් විජලනය, මස්පිඬු පෙරලීම, අධික මහන්සිය සහ ආඝාත තත්ත්ව ඇතිවිය හැකි බවයි.

වැඩිහිටි පුද්ගලයින් සහ රෝගී පුද්ගලයින් මේ පිළිබඳ සැලකිලිමත් විය යුතු බවද දැනුම්දෙනවා.

ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙස සහ සෙවණ ඇති ස්ථානවල රැඳෙමින් අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: