hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2025 මැයි 15, පෙ.ව. 12:17



දුරගමන් සේවා බස් රථ සේවාවන් මහා මාර්ගයේ ධාවනය වීමේදී රිය අනතුරට ලක් වීමේ අවස්ථා දිනෙන් දින ඉහල ගොස් ඇති බවට නිරීක්ෂණය වී ඇත.

එබැවින් විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී දුරගමන් බස් රථ විශේෂ පරීක්ෂාවට ලක් කර බීමත්ව රිය ධාවනය, මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය, අපරීක්ෂාකරි හා අන්තරාදායක ලෙස රිය ධාවනය යන රථවාහන වැරදි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු උසස් නිලධාරීන් වෙත වැඩබලන පොලිස්පතිතුමා විසින් උපදෙස් නිකුත් කර ඇත.

මේ අනුව, පොලිස් කොට්ඨාස වලට අයත් තෝරාගත් සුදුසු ස්ථාන කිහිපයක රාත්‍රී කාලයේ නිලධාරීන් කණ්ඩායම් යොදවා මහා මාර්ගයේ ධාවනය වන වාහන සහ විශේෂයෙන්ම දුරගමන් සේවා බස් රථ නිරන්තරයෙන්ම විශේෂ පරීක්ෂාවට ලක් කිරීමටත් දන්වා ඇත.

තවද යතුරු පැදි සංචාර ඒකක වල නිලධාරීන් මගින් මහා මාර්ගයේ යතුරුපැදි ධාවනය කරමින් ඉහත පරිදි බස් රථ පරීක්ෂාවට ලක් කර නීතිය ක්‍රියාත්මක කිරීමට වැඩි දුරටත් උපදෙස් ලබා දී ඇත.