2025 මැයි 15, ප.ව. 2:41
වෙසක් උත්සවයට සමගාමීව, තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන්නට යෙදුනු බෞද්ධ වැඩසටහන් මාලාවක් බැංකොක් අගනගරයේ වට්පලම්කාවෝ සිද්ධස්ථානයේදී පවත්වන්නට යෙදුනි.
තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනී ඊ. ඒ. එස් විජයන්ති එදිරිසිංහ මහත්මියගේ ආරාධනයෙන් තායිලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් මෙන්ම තායි බෞද්ධ ජනතාවද එයට සහභාගීවූ අතර, ආගමික කටයුතු මෙහෙයවීම වට්පලම්කාවෝහි නියෝජ්‍ය විහාරාධිපති ප්‍රාදෙබ් ඤාණකවී, මහාචූලාලංකාරරාජවිද්‍යාලය විශ්වවිද්‍යාලයේ බෞද්ධ අංශ ප්‍රධානි වල්මෝරුවේ පියරතන ඇතුළු භික්ෂු සංඝයා විසින් සිදුකරන්නට යෙදුනි.
දාන, ශීල භාවනාදි විවිධ පුණ්‍යක්‍රියාවන් මෙහිදී සිදුකෙරිනි.
2026 අගෝස්තු 31, පෙ.ව. 12:35
2026 අගෝස්තු 31, පෙ.ව. 12:32
2026 අගෝස්තු 31, පෙ.ව. 12:29
2026 අගෝස්තු 31, පෙ.ව. 12:16
2026 අගෝස්තු 31, පෙ.ව. 12:13