hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2025 මැයි 21, පෙ.ව. 12:02



පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඝාතනය කිරීමේ සැලසුමක් ඇතැයි මේ මස 01 වෙනිදා පැමිණිල්ලක් ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල පවසයි.

දැනට ඩුබායිහි සැඟව සිටින පාතාළ නායකයකු වන කංජිපානි ඉම්රාන් විසින් අදාළ ඝාතන කොන්ත්‍රාත්තුව දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සමන් කුමාර නොහොත් අයි.ඩී.එච්. සුද්දා නම් පුද්ගලයාට ලබා දී ඇත.

එම නමින් පුද්ගලයකු බූස්ස බන්ධනාගාරයේ සිටින්නේදැයි විමර්ශනය කර අදාළ කටයුතු කරන බව ද ඇමති ආනන්ද විජයපාල සඳහන් කරයි.

සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් ඝාතන සැලසුම ක්‍රියාත්මක කළේ ද කංජිපානි ඉම්රාන් බව ඔහු ප්‍රකාශ කොට තිබිණි





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: