hit counter

2025 ජූලි මස 04 වන සිකුරාදා

2025 මැයි 26, ප.ව. 6:11



උතුම් සම්බුදු තෙමගුල සිහි කරමින් මෙවර ජිනීවාවල වෙසක් සමරා උත්සව 5 ක් විවිධ බෞද්ධ හා බෞද්ධ නොවන ජනරාශී සමුහයක් විසින් සංවිධානය කර තිබිණ.

මැයි 12 වෙසක් පුර පසළොස්වක දා අප විහාරස්ථ ශ්‍රී ලාංකික හැම දෙනා වෙනුවෙන් සීල භාවනා ධර්මදේශනා ධර්ම සාකච්ඡාවන් සහිතව මුලු දවස පුරාම සීල සමාදාන වැඩ සටහන ක්‍රියාත්මක විය.එදිනම උදයේ සයිප්‍රස් ශ්‍රී ලංකාරාමාධිපති පුධාන සංඝනායක ආචාර්ය මොරවක සෝරත නාහිමියන්ගේ කාලීන වෙසක් ධර්මදේශනාව ක්ද සවස ස්වීඩනයේ සමාධි බෞද්ධ ආයතනාධිපති පුධාන සංඝනායක ආචාර්ය උඩගම නාරද නාහිමියන්ගේ විචිත්‍ර බෝධි පූජා පිංකම ක්ද මාර්ග ගත තාක්ෂණය හරහා ඊට සමගාමීව සිදු කෙරිණ.

මැයි 11 වෙනි ඉරිදා අප විහාරස්ථ තායිලන්ත ජාතික දායක පින්වතුන් සදහා ඔවුන්ගේ චාරිත්‍රානුකුලව බුදු තෙමගුල සිහි කෙරිණ.

මැයි 14 බදාද ශ්‍රී ලංකා, තායිලන්ත හා බෞද්ධ රටවල තානාපති කාර්යාලවල සංවිධානයෙන් එක්සත් ජාතීන්ගේ වාර්ෂික වෙසක් උළෙල එම ජිනීවා කාර්යාලය තුළ සිදු කෙරිණ.

මැයි 18 ඉරිදා අප ජාත්‍යන්තර බෞද්ධ විහාරයිය අන්තර්ජාතික වෙසක් උළෙල ස්විස්, පුංශ, ශ්‍රී ලාංකික, තායිලන්ත, ලාඕස්, කාම්බෝජ, වියට්නාම, මියන්මාර හා බංග්ලාදේශ ජාතික විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් උත් කර්ෂවත්ව සීදු කළ අතර එම අවස්‌ථාවට එජාප ශ්‍රී ලංකා තානාපතිනි හිමාලි අරුණතිලක මහත්මිය ද සහභාගී වුවාය. මෙම අවස්ථාව ආශිර්වාද පිරිත් දේශනා භාවනා හා පිණ්ඩපාත චාරිකාවකින් සමන්විත වු අතර, අවසන අලංකාර පෙරහැරකින් වෙසක් උත්සවය නිමාවට පත්විය.

මැයි 25 ඉරිදා අප විහාරස්ථ බංගලාදේශ බෞද්ධ පිරිස ගේ සංවිධානයෙන් විචිත්‍ර වු තෙමගුල අනුස්මරණ වෙසක් උළෙල ක් සිදු කෙරිණ. ආචාර්ය තවලම ධම්මික නාහිමියන්ගේ හා පුජ්‍ය හල්විටිගල සුජාත හිමිවරුන්ගේ සහභාගිත්වයෙන් මෙම වෙසක් සමරු උත්සවය යන් සිදුකෙරිණ.