hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 10, ප.ව. 7:59



අග්‍රාමාත්‍යවරයාගේ නිවස ගිනි තැබීම සම්බන්ධයෙන් අරගලයට ඇඟිල්ල දිගු කිරීමට නොහැකි බවත් එම සිදුවීම පිටුපස වෙනත් දේශපාලන අරමුණක් තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසුවා.

ඔහු මෙම අදහස් පළ කලේ අග්‍රාමාත්‍යවරයාගේ ගිනිබත් වූ නිවස බැලීමට අද (10) පැමිණි අවස්ථාවේදීයි.

එක්සත් ජාතික පක්ෂය මුල සිටම සාමකාමී අරගලයට සහයෝගය ලබා දුන් පක්ෂයක් බවත් ඒ මහතා සඳහන් කළා.

අග්‍රාමාත්‍යවරයාගේ නිවස පිළිස්සීමට සෙනඟ ගෙන එන්නැයි එක් දේශපාලන පක්ෂයක් ප්‍රසිද්ධියේ පවසා තිබෙන බවද ඔහු පවසා සිටියා.