hit counter

2026 ජූනි මස 23 වන අඟහරුවාදා

2025 ජූනි 12, පෙ.ව. 12:27



රට තුළ පැවති ලුණු හිඟය මේ වන විට අවසාන වී ඇතත් ඉහල ගිය ලුණු මිල තවමත් එම මට්ටම්වලම පවතින බව පාරිභෝගිකයන් චෝදනා කරති.

ලුණු හිඟය පැවති කාලසීමාවේ රුපියල් 300ක හා ඊට වැඩි මිල ගණන් දක්වා ඉහළ ගිය ලුණු තවමත් එම මිල ගණන්වල පවතී.

ලුණු හිඟයට පෙර ලුණු කිලෝවක මිල වූයේ රුපියල් 120 පමණ සීමාවේ වන අතර මේ වන විට ඉන්දියාවෙන් ලුණු තොග ගෙනැවිත් තිබුණද කියලා මිල පහල බැස නැත.

මේ අතර වෙළඳා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කලේ තොග වෙළදුන් විසින් ලුණු මිල අඩු නොකලහොත් ලුණු සඳහා පාලන මිලක් පනවන බවය.