2022 ජූලි 11, ප.ව. 2:57
බස් රථ 78ක් ධාවනය වන 138 හෝමාගම පිටකොටුව බස් මාර්ගයේ බස් රථ 15 පමණක් ඉන්ධන ලීටර් 60 බැගින් ලබා දීමට පියවර ගැනීමෙන් තමන් දැඩි අපහසුතාවට පත් වන බව පවසමින් බස්රථ සේවකයන් අද (11) උදෑසන 5.00 සිට වර්ජනයේ නිරත වුණා.
මේ හේතුවෙන් රැකීරක්ෂා ඇතුළු වෙනත් අවශ්‍යතා සඳහා ගමන් කරන මගින් දැඩි පීඩාවට ලක්ව සිටිම හේතුවෙන් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, පොලීසිය හා එක්ව බස්රථ හිමිකරුවන් සමඟ සාකච්ඡාවක් හෝමාගම ප්‍රාදේශීය කාර්යාලයේ දී පැවැත්වුණා.
එහිදී බස්රථ හිමිකරුවන් පොලීසියෙන් ඉල්ලා සිටියේ, තමන් බස් රථ 15කට ඉන්ධන ලබා දීමට එකඟ බවත් ඉන්ධන ලීටර් 60 වෙනුවට ඉන්ධන ලීටර් 80 ලබාදීමට පියවර ගන්නා ලෙස යි.
ඊට පොලිසිය එකඟ වීමත් සමඟ පැය හයක් පුරා පැවති වර්ජනය අවසන් කොට මගී ප්‍රවාහනය සදහා බස්රථ ධාවනය ආරම්භ කෙරුණු බව සඳහන්.
2024 දෙසැම්බර් 17, පෙ.ව. 9:53
2024 දෙසැම්බර් 13, ප.ව. 5:22
2024 දෙසැම්බර් 12, ප.ව. 3:11
2024 දෙසැම්බර් 05, ප.ව. 1:28
2024 දෙසැම්බර් 03, පෙ.ව. 10:41