hit counter

2025 ජූනි මස 20 වන සිකුරාදා

2025 ජූනි 20, ප.ව. 12:58



වාහන ආනයනය ට අවසර දීමත් සමග මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 163ක රේගු ආදායමක් වාහන ආනයනයෙන් පමණක් උපයා ගෙන ඇති බවට ශ්‍රී ලංකා රේගුව පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුග්ගොඩ මහතා පැවසුවේ, මෙම වසරේ ලබා දී ඇති ආදායම් ඉලක්කයන් ඉක්මවා යෑමට රේගුවට හැකියාව පවතින බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සීවලී අරුග්ගොඩ මහතා.

“2025 වසරේ දී අපට ලැබුණු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,115ක්. ගිය වසරේ දී අපිට ලැබුණු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 1,533ක්. අපි ගිය වසරේ දී ඒ ඉලක්කය ඉක්වමින් රුපියල් බිලියන 1,535ක ආදායමක් උපයලා තියෙනවා.

ඉතින් මේ වසරේ දීත් අපේ ඉලක්කයෙන් ජූනි මැද වෙනවිට රුපියල් බිලියන 900 ඉක්මවමින් අපි ආදායමක් කරලා තියෙනවා. රථවාහන ගත්තහම 2025 පෙබරවාරි 1 සිට රජය මෝටර් රථ ආයනයට අවසර දුන්නා.

මේ වනවිට මෝටර් රථ 14,000ක් පමණ ආනයනය කරලා තියෙනවා. ඒ තුළින් රු බි 165ක පමණ ආදායමක් උපයලා තියෙනවා. මේ වසරේ දී අපි මෝටර් රථ ආනයනයෙන් අපි රු බි 450ක් බලාපොරොත්තු වෙනවා.”

ඉරාන ඊශ්‍රාරායල් යුද්ධය මෙරටට භාණ්ඩ ආනයනයේදී බලපෑමක් ඇතිවේද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සීවලී අරුග්ගොඩ මහතා පවසා සිටියේ, රට තුළට භාණ්ඩ ආනයනය කරන නෞකා මෙතෙක් ප්‍රමාද වන බව දැනුම්දී නොමැති බවයි.

මේ අතර පසුගිය කාල වකවානුවේ රටේ ඇතිවූ විවිධ තත්ත්වයන් සැලකිල්ට ගෙන වාහන ආනයනය සීමා කළ අතර,අනතුරුව නව ආණ්ඩුව බලයට ඒමත් සමඟ එම වාහන ආනයන සීමා ඉවත් කෙරුණා.

එවන් පසුබිමකයි වාහන ආනයනයෙන් රුපියල් බිලියන 163ක රේගු ආදායමක් ලබා ගෙන ඇත්තේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: