hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2025 ජූනි 24, පෙ.ව. 12:06



මේ මොහොතේ ලංකාවේ කිසිදු ආර්ථික ප්‍රතිසංස්කරණයක් සිදුනොවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසයි.

අත්‍යවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීම වෙනුවට මේ මොහොතේ සිදුවෙමින් තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් ප්‍රකාරව ගමන් කිරීමක් පමණක් බවයි, මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

එය රාජ්‍ය අංශය, අධ්‍යාපනය, පොදු ප්‍රවාහන, ඉඩම් වෙළෙඳපොළ, කර්මාන්ත, ශ්‍රම වෙළෙඳපොළ ඇතුළු අංශ රැසකට බලපාන බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

පුළුල් ප්‍රතිසංස්කරණ සිදුනොකර ‍යන මේ ගමන තුළ තිරසර ආර්ථික වර්ධනයක් අපේක්ෂා කළ නොහැකි බව ද ඒ මහතා අවධාරණය කරයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මේ බව සඳහන් කර සිටියේ විද්‍යුත් නාලිකාවක් සමඟ පැවති සංවාදශීලී සාකච්ජාවක දී අදහස් දක්වමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: