hit counter

2025 ජූනි මස 26 වන බ්‍රහස්පතින්දා

2025 ජූනි 26, පෙ.ව. 12:08



ප්‍රවාහන අමාත්‍යාංශයේ බලධාරීන් සහ බස් සංගම් අතර සාකච්ඡාවක් ඊයේ (25) දින පස්වරුවේ පැවැති අතර එහිදී බස් ගාස්තුව 2%කින් අඩු කිරීමට පියවර ගන්නා බව රජය විසින් බස් සංගම් වෙත දැනුම්දී ඇත.

එළඹෙන ජුලි (01) වනදා සිදු කිරීමට නියමිතට වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරී සඳහා ප්‍රවාහන බලධාරීන් සහ බස් සංගම් අතර මෙම හමුව සිදුවිය.

බස් ගාස්තුව 2%කින් අඩු කළහොත් පළමු සහ දෙවන ගාස්තුවල සංශෝධනයක් සිදුනොවනු ඇති අතර ඉන් ඉදිරියට පවතින ගාස්තුවල සංශෝධනයක් පමණක් සිදුවෙනු ඇත.

එහෙත් බස් ගාස්තු අඩු කිරීමේ රජයේ යෝජනාවට බස් සංගම් සිය අකමැත්ත පළකර ඇත.