hit counter

2026 අප්‍රේල් මස 08 වන බදාදා

2025 ජූනි 27, ප.ව. 2:53


මහින්ද රාජපක්ෂගේ මස්සිනා අත්අඩංගුවට.!

අල්ලස් කොමිසම විසින් ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා, අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන්යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකදී අනාවරණය වූ කරුණු මත ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

නාවල ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවත් මේවනවිට ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටින බවත් ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

නිශාන්ත වික්‍රමසිංහ හිටපු ජනපති බිරිය ශිරන්ති රාජපක්ෂගේ සහෝදරයා ය.

නිශාන්ත වික්‍රමසිංහට එරෙහිව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඇති ජාතික සම්පත් බරපතල ලෙස අවභාවිතා කිරීම සම්බන්ධව චෝදනා ගොනු වී තිබිණි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සමාගමේ වංචා දූ ෂණ රාශියකට සම්බන්ධ වී ඇති බවට ඒ පිළිබඳ පරීක්ෂණ කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී.වැලිඅමුණ වාර්තාවෙන් හෙළි වී තිබිණ.