hit counter

2026 පෙබරවාරි මස 02 වන සඳුදා

2025 ජූලි 01, පෙ.ව. 11:04



ලාෆ්ස් ගෑස් සමාගම විසින් මාසික මිල සංශෝධනයට අදාළව නිවේදනයක් නිකුත් කර ඇති අතර, එම සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පවසන්නේ, 2025 ජුලි මාසය සඳහා ගෑස් මිලවල කිසිදු වෙනසක් සිදු නොකරන බවයි.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,100ක් ලෙසත්, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,645ක් ලෙසත් පවතින බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කරයි.

මෙම මිල තීරණය රජයේ මිල පාලන යාන්ත්‍රණයට අනුකූලව සිදුකර ඇති අතර, පාරිභෝගිකයින්ට ස්ථාවර මිලකට ගෑස් ලබා ගැනීමේ හැකියාව තවදුරටත් සහතික කරන බව ආචාර්ය පීරිස් මහතා වැඩිදුරටත් පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: