2025 ජූලි 03, ප.ව. 5:05
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම මෙහෙයුමෙන් හා ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමූහ ව්‍යාපාරයේ මූල්‍ය අනුග්‍රහයෙන් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකිරීමට නියමිත තවත් පස්මහල් ගොඩනැගිල්ලක් සඳහා මුල් ගල මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකිරීමට නියමිත පස්මහල් ගොඩනැගිල්ලක් සඳහා මුල් ගල තැබීම අද දින උදෑසන 08.30ට යෙදුන සුභ මොහොතින් සිදු කරන ලදි.
මෙම ව්‍යාපෘතිය ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ පුර්ණ අධික්ෂණයෙන් හා ශ‍්‍රම දායකත්වයෙන් සිදු කිරිමට නියමිත වන අතර, මේ සඳහා මූල්‍යමය දායකත්වය ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ අධිපති ඉන්ද්‍ර කුමාර සිල්වා මහතා විසින් ලබා දෙනු ලබයි.
නව වාට්ටු සංකීරණය වර්ඝ අඩි 50000 කින් සමන්විත වන අතර, මෙම ගොඩනැගිල්ල තුල රෝගීන් 80 දෙනෙකු සඳහා නේවාසිකව ප්‍රතිකාර ලබා ගත හැකි වාට්ටු දෙකක්, ළමා දැඩිසත්කාර ඒකකයක්, මෙන්ම ළමා බාහිර කිමෝ තෙරපි ඒකකයකින් සමන්විතව ඉදිකිරීමට නියමිතව ඇත.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමන්, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරින් මෙන්ම රෝහල් අධ්‍යක්ෂකතුමා ඇතුළු කාර්යය මණ්ඩලයේ නිළධාරින් පිරිසක් සහභාගී විය.
2025 ජූලි 04, ප.ව. 12:56
2025 ජූලි 04, පෙ.ව. 9:20
2025 ජූලි 04, පෙ.ව. 12:31
2025 ජූලි 04, පෙ.ව. 12:30
2025 ජූලි 04, පෙ.ව. 12:24