hit counter

2026 ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා

2025 ජූලි 07, පෙ.ව. 12:19



අද (07) දිනයේ සිට එළැඹෙන (11) වැනි දිනය දක්වා ජාතික අනතුරු නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ජූලි (07) වැනි දින මාර්ග අනතුරු වැළැක්වීම,

ජූලි (08) වැනි දින සේවා ස්ථානයන්හී අනතුරු වැළැක්වීම,

ජූලි (09) නිවෙස් සහ වැඩිහිටි නිවාසවලදී අනතුරු වැළැක්වීම,

ජූලි (10) දියේ ගිලීම්වලින් වන අනතුරු වැළැක්වීම,

ජූලි (11) වැනි දිනය පාසල්, පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිදුවන අනතුරු වැළැක්වීම,

මෙම කාලය තුළදී, අනතුරු නිවාරණය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමටත්, අනතුරු සිදුවීමට අවදානමක් ඇති විවිධ ස්ථාන පරීක්ෂා කිරීමට අපේක්ෂා කරයි.

තවද ඉදිරීයේදී අනතුරු ඇතිවීමේ අවදානම අවම කිරීම සඳහා කෙටි කාලීන, මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන ක‍්‍රියාමාර්ග ගැනීමටත් අපේක්ෂා කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: