hit counter

2025 ඔක්‍තෝබර් මස 15 වන බදාදා

2022 අප්‍රේල් 21, ප.ව. 4:20


යුධ හමුදාපතිගෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයින පුරා බෙදාහැරීම සඳහා ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයින පුරා බෙදාහැරීම සඳහා සහාය ලබාදෙන ලෙස බලධාරීන් කළ ඉල්ලීමට අනුව යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාව ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බව යුද හමුදාපතිවරයා පැවසුවා.