2025 ජූලි 13, පෙ.ව. 12:01
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් බහලුම් 323 ක් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ 5 දෙනකුගෙන් යුතු කමිටුව ඉදිරිපත් කරන ලද වාර්තාවට කමිටු සාමාජිකයන් 3ක් අත්සන් කර නොමැති බව අනාවරණය වේ.
කෙසේ නමුත්, මෙම කමිටුව ඉකුත් ජුනි මස 12 වැනිදා ජනාධිපතිවරයාට වාර්තාව භාරදී ඇති නමුත්, එම වාර්තාවට කමිටු සාමාජිකයන් තිදෙනකු අත්සන් කර නැතැයි අනාවරණය වේ.
මෙම වාර්තාවට අත්සන් කර ඇත්තේ කමිටු සභාපතිවරයා සහ කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පමණක් බවද පැවසේ.
ස්කෑන් පරීක්ෂාවකින් තොරව නිදහස් කර ඇතැයි මුලින්ම රේගු වෘත්තිය සමිති අනාවරණය කළ අතර,රේගු වෘත්තිය සමිති විසින් ඊට අභ්‍යන්තර පරීක්ෂණයක් ද ඉල්ලා සිටියහ.
කෙසේ නමුත්,මෙම බහලුම් පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමේ සිද්ධිය ගැන මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගතවීම හේතුවෙන් ඒ සම්බන්ධව සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පස්දෙනකුගෙන් යුතු කමිටුවක් පත් කිරීමට කටයුතු කරන ලදී. එම කමිටුව පත්කරනු ලැබුවේ ඉකුත් ජනවාරි මස 30 වැනිදාය.
භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.කේ. සෙනවිරත්නගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද මෙම කමිටුවේ අනෙකුත් සාමාජිකයන් ලෙස කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.පී. කුරුම්බලපිටිය, ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලක) ඊ.එම්.එස්.බී. ජයසුන්දර, වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.කේ. ප්‍රදීප් කුමාර සහ ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ එම්.කේ.එස්.පී. ජයවර්ධන කටයුතු කළහ.
මෙම වාර්තාව සකස් කර ඇත්තේ අධිකරණය ලබාදුන් නඩු තීන්දුවක් පදනම් කරගෙන බවත්,මේ නිසා අදාළ වාර්තාව වැරැදි ආකාරයෙන් අර්ථකථනය කර තිබීම නිසා ඊට සාමාජිකයන් තිදෙනකුම අත්සන් කර නැතැයි අනාවරණය වේ.
කෙසේ නමුත්, මෙම වාර්තාවට අත්සන් නොකළ කමිටු සාමාජිකයන් තිදෙනා තමන් අත්සන් නොකිරීමට බලපාන ලද කරුණු ලිඛිතව භාරදී ඇත. එම කරුණු ද වාර්තාවට ඇතුළත් කර ඇතැයි ද පැවසේ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මෙම වාර්තාවේ තොරතුරු ඇසුරින් පාර්ලිමේන්තුවේ දී පසුගියදා කියා සිටියේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත්කරන ලද කමිටුවක නිර්දේශ මත බහලුම් 309 ක් නිදහස් කර තිබෙන බවත්, රතු ලේබල් ඇති බවට වර්ගීකරණය කරන ලද බහලුම් 151 න් 37 ක් ස්කෑන් පරීක්ෂණයට ලක්කර නොමැති බවත් ය.
2025 ජූලි 13, පෙ.ව. 12:10
2025 ජූලි 13, පෙ.ව. 12:09
2025 ජූලි 13, පෙ.ව. 12:09
2025 ජූලි 13, පෙ.ව. 12:08
2025 ජූලි 13, පෙ.ව. 12:06