hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 13, ප.ව. 1:43


ජාතික රූපවාහිනියේ විකාශන කටයුතු අත්හිටුවයි

මේවන විට ජාතික රූපවාහිනියේ විකාශණ කටයුුතු අත්හිටුවා තිබෙනවා.

අරගලයේ නිරත පිරිස්  ජාතික රූපවාහිනී සංස්ථාව වටා එක්රැස්ව විරෝධතාවක නියැලෙමින් සිටින අතර එම විරෝධතා හමුවේ එහි විකාශන කටයුතු ද අත්හිටුවා ඇතැයි වාර්තා වනවා.

ඔවුන් රූපවාහිනී සංස්ථාවේ සජීවී වැඩසටහනකට සම්බන්ධ වන්නට ද අවස්ථාව ඉල්ලා ඇති අතර, ඒ අනුව සංස්ථා බලධාරීන් අරගලකරුවන් දෙදෙනකුට එම අවස්ථාව ලබා දී ඇතැයි ද පැවසෙනවා.

‍මේ වන විට රූපවාහිනී සංස්ථාවේ ආරක්ෂාව ද තර කර තිබෙනවා.