hit counter

2026 අප්‍රේල් මස 08 වන බදාදා

2025 ජූලි 28, ප.ව. 5:23


තිළිණි ප්‍රියමාලිට ඇප

හෝමාගම මුලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ව්‍යාපාරික තිළිණි ප්‍රියමාලි රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග කර තිබේ.

සැකකාර තිළිණි ප්‍රියමාලි ඉකුත් ජුනි 16වෙනි දින අධිකරණයෙහි විභාග වන නඩුවක් සඳහා පෙනි සිටීමට හෝමගම අධිකරණයට පැමිණි අවස්තාවේ සැකකාරියට ලබා දීමට තිබූ සිතාසියක් අධිකරණයේ රාජකාරියේ නිරත වෙමින් සිටි සිතාසි බෙදා දෙන්නෙකු ලබාදීමට යාමේදී අයුතු අවහිරය, සාපරාදි බිය ගැන්වීම, රාජකාරීයට බාධා කිරීම සිතාසි නිකුත් කරන්නාගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ඒ සම්බන්දයෙන් හෝමාගම මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසුන්දර මහත්මිය විසින් ඉකුත් ජුලි 14 දින නියෝගයක් සිදු කරමින් ජුලි 15 වන දින හෝමාගම මුලස්ථාන පොලීසියේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස සැකකාරියට නියෝගයක් ලබා දුන්නාය.

ඒ අනුව සැකකාර ව්‍යාපාරිකා තිළිණි ප්‍රියමාලි ප්‍රකාශයක් ලබාදීමට හෝමාගම පොලිස් මූලාස්ථානය ට පැමිණි අවස්තාවේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකාරියට අධිකරණයට ඉදිරිපත් කළ අවස්තාවේදී හෝමාගම නීතිඥ සංගමයේ සියලුම නීතිඥයින් සැකකාරියට එරෙහිව නැගී සිටි ආකාරය දක්කනට ලැබුණු බව වාර්තා වෙනවා.