2025 අගෝස්‍තු 06, පෙ.ව. 12:06
ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවේ අපනයන සඳහා පනවා තිබූ තීරු බද්ද 20% දක්වා අඩු කිරීමට හැකිවූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සන්සුන් හා ප්‍රායෝගික නායකත්වය නිසා බව හිටපු ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම පවසයි.
මෙම අදහස් පළ වී ඇත්තේ ඉංග්‍රීසි පුවත්පතක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදීය.
අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ, කලාපයේ අනෙකුත් රටවල් තීරු බදු සහන ලබා ගැනීම සඳහා ගුවන් යානා වැනි දැවැන්ත මිලදී ගැනීම්වලට එකඟ වූ නමුත්, ශ්‍රී ලංකාව එවැනි කිසිදු පොරොන්දුවක් නොදී මෙම ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වූ බවයි.
මෙම තත්ත්වය, රටට ලැබුණු විශාල ජයග්‍රහණයක් ලෙස හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කොට ඇත.
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:23
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:13
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26